ෆොටෝ එඩිට් කරන්න හොද මොනිටරයක් තෝරා ගනිමු




ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා ෆොටෝ එඩිට් කරන්න හොද මොනිටරයාක් තෝරාගන්නේ කොහොමද කියන එක . මෙතැනදී බලන්න ඕනේ කරුණු කිහිපයක්ම තියනවා
  1. මොනිටරයේ සයිස් එක (Size) 
  2. මොනිටරයේ රෙසලුෂන් එක (Resolution)
  3. මොනිටරයේ වර්ණ නිවැරදිතාවය  ( Color Accuracy )
  4. අනෙකුත් තාක්ෂණික හා ප්‍රයෝගික තොරතුරු 

මේ කරනා එකින් එක අරන් බලමු කොහොමද ඒවා බලපාන්නේ හා තෝරාගැනීම කරන්න ඕනේ කියලා

මොනිටරයේ සයිස් එක (Size)




අපි ෆොටෝ එඩිට් කරද්දී කැමතියි නේ ලොකු display එකක් තියනවට . හැබැයි හැමවෙලේම ලොකු ඩිස්ප්ලේ එකක් තිබ්බම ඇත්තටම editing වලට හොදයිද ?
එක පැත්තකින් ඔව් , මොකද අපිට පින්තුරය විශාලව පේනවා ඇසට ලේසියි, අනිත් අතින් ඕනෙවට වඩා ලොකු වෙනකොටත් ලග ඉදලා බලන්න අමාරුයි . මගේ මතයේ හැටියට අගල්  22 - 32 අතරේ මොනිටරයක් ගන්න එක තමා සුදුසු

අදකාලේ බහුලව තියෙන්නේ 16:9 හෝ 16:10 wide screen මොනිටර්.ඊට අමතරව ultra wide ඒවත් තියනවා.  ෆොටෝ එඩිටින් වලට විතරක් නම් 16:9 හෝ 16:10 wide screen  එකක් ගන්න එක හොදයි

තවත් එක් දෙයක් තමා curved display . මගේ අත්දැකීම අනුව මේවා හදලා තියෙන්නේ gaming වලට ඒ නිසා බොහෝ වෙලාවට වර්ණ නිවැරදිතාවය අඩුයි


මොනිටරයේ රෙසලුෂන් එක (Resolution)


මොනිටරයේ රෙසලුෂන් එක  කියන්නේ එකේ pixel කොපමණක් තියනවද කියන එක. අද කලේ බහුලව තියන resolution තමා 

  • 1366 x 768
  • 1280 x 720 ( HD )
  • 2560 x 1440 ( QHD ) 
  • 1920 x 1080 ( Full HD ) 
  • 3840 x 2160 (4K UHD)
 රෙසලුෂන් එක වැඩි වෙන තරමට අපිට පින්තුරේ හොදට sharp ව පේනවා. පහත පින්තුරේ බලන්න. 

නමුත් රෙස්ලුෂන් එක විතරක්ම දිහා බලලා තෝරාගන්න අමාරුයි. මෙතැනදී අපි බලන මිනුම් දෙකක් තියනවා එකක් තමා PPI ( pixels per inch ) අගලක තියෙන පික්සෙල් ගැන හා dot pitch එහෙමත් නැත්නම් pixel දෙකක් අතර එකක මැද ඉදලා අනිකේ මැදට තියන දුර කියන දෙක . PPI අගය වැඩි වෙන තරමට අපිට පින්තුරයක් හොදට sharp වට පේනවා dot pitch එක අනුව තීරණය වෙනවා අපි ඒ අදාළ display එකට කොපමණ අතින් හිටියෝත්ද අපිට pixel වෙන්කරලා අදුරගන්න බැරි වෙන්නේ කියලා



මේ වීඩියෝ එකේ තියන පැහැදිලි කිරීම බලන්න . 


උදාහරණයක් විදිහට අපි full HD resolution එකක් තියන Display එකක් ගමු .

  • අගල් 5ක ෆොනේ දිස්ප්ලය් එකක 1920 X 1080 තිබ්බොත් 451.08 PPI, 0.0563mm dot pitch
  • අගල් 22ක මොනිටර් එකක 1920 X 1080 තිබ්බොත් 102.52 PPI, 0.2478mm dot pitch
  • අගල් 24ක මොනිටර් එකක 1920 X 1080 තිබ්බොත් 93.97 PPI, 0.2703mm dot pitch
  • අගල් 27ක මොනිටර් එකක 1920 X 1080 තිබ්බොත් 83.53 PPI, 0.3041mm dot pitch
  • අගල් 32ක මොනිටර් එකක 1920 X 1080 තිබ්බොත් 70.48 PPI, 0.3604mm dot pitch
ඔයාලට පේනවා මොනිටරේ ප්‍රමාණය වැඩිවෙනකොට PPI අගය අඩු වෙනවා සහ dot pitch එක වැඩි වෙනවා. අපි display එක දිහා කොච්චර දුර ඉදලද බලන්නේ තියන එක අනුව අපිට පික්සෙල් වෙන්කරලා අදුරගන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා . ගෙදර TV එක ලගටම ගිහින් බැලුවම තිත් තිත් පෙනුනට අතට යනකොට හොදට පින්තුරේ පෙන්න ගන්නේ මේ නිසා
ෆෝන් එකක් ගත්තොත් අපි බොහොම ලග ඉදන් බලන්නේ . ඒ නිසා PPI අගය 300ට වඩා වැඩි වෙන තරමට අපිට තිත් පෙන්නේ නැතුව හොදට පින්තුරේ details පේනවා


මොනිටර් එකක් උනාම අපි සාමාන්යෙන් මීටරයක් අඩි 2 ක් වගේ දුරක ඉදලා බලන්නේ . ඒ නිසා PPI අවම වශයෙන් 90ක් වත් තියෙන තරමට හොදයි. නැත්නම් පින්තුරේ ලොකුවට පෙනුනත් පික්සෙල් පෙනෙන නිසා පැහැදිලිව details පෙන්නේ නැ


අපේ අය ඔය apple display මාරු කියන්න ලොකුම හේතුව තමා සාමාන්‍ය මොනිටරයකට වඩා වැඩි PPI අගයක් එක්ක හදන නිසා හොදට details sharp ව පෙන එක
මේ එක්ක බලද්දී මොනිටරයක් ගන්නවනම් තියෙන්න ඕනේ අවම resolution එක විදිහට මගේ අදහස නම්
අගල් 24 හෝ ඊට අඩු නම් අවම 1920X1080 ( full HD )
24 - 27 නම් අවම 2560x1440 — QHD
32 හෝ ඊට වැඩි නම් 3840x2160 — UHD (4K )

කොහොමත් අගල් 27න් එහාට full HD මොනිටර් එකක් ගන්න එක තෙරුමක්ම නැ කියන එක තමා මගේ මතය

මොනිටරයේ වර්ණ නිවැරදිතාවය  ( Color Accuracy )


ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් තමා තමන්ගේ මොනිටරෙන් බලාගෙන එඩිට් කලාට පස්සේ ෆෝන් එකෙන් හරි ප්‍රින්ට් එකක් අරගෙන හරි බැලුවම වෙනස් වෙලා පේන එක . මේකට හේතුව තමා අපිට display එක හරහා පේන වර්ණ තීරණය වෙන්නේ තියන display එකත් එක්ක. එකම ජාතියේ මොනිටර් දෙකක් උනත් වර්ණ පේන විදිහ වෙනස් වෙන්න පුළුවන් . මේකට හේතු දෙකක් තියනවා


  1. මොනිටරයේ color gamut එක . සරලව කියනවනම් මොනිටරයට පෙන්නන්න පුළුවන් වර්ණ පරාසය .

    මේක මොනිටරයේ තියෙන panel වර්ගය මත රදා පවතිනවා ගණනින් අඩු මොනිටර් හා gaming monitor වල බොහෝ වෙලාවට තියෙන්නේ TN වර්ගයේ පැනල. මේවාගේ වර්ණ නිපදවීමේ හැකියාව අඩුයි වගේම මොනිටරය දෙස බලන angle එක අනුවත් පෙන වර්ණය වෙනස් වෙනවා

    මිලෙන් වැඩි වීමත් එක්ක අපිට හම්බවෙනවා IPS පැනල්ස් . මේවා TN පැනල වලට වඩා වර්ණ පරාසයක් පෙන්නන්න පුළුවන් ඒවගේම viewing angle එක අනුව වර්ණ වෙනස්වීමත් අඩුයි ( නමුත් එඩිට් කරද්දී හැම විටම මොනිටරයට කෙලින්ම බලන්න )

    IPS පැනල තිබ්බත් එක එක මොනිටර් වල පෙන්නන්න පුළුවන් වර්ණ පරාසය වෙනස් වෙනවා . බොහෝ වෙලාවට මේ පරාසය පහත තියන සම්මත color spaces වලින් ප්‍රතිශතයක් විදිහට දක්වලා තියනවා


    සාමාන්යෙන් 100% - 98% sRGB  coverage එකක්වත් තියන මොනිටරයක් තියෙන එක හොදයි . Adobe RGB  වගේ වඩා පුළුල් වර්ණ පරාසයක් තියෙන මොනිටර් ඉතා මිලෙන් අදිකයි
  2. මොනිටරයේ color accuracy එක 

    අපි කලින් කතා කරේ මොනිටරයකට පෙන්නන්න පුළුවන් වර්ණ පරාසය ගැන . මෙතැනදී කතා කරන්නේ මොනිටරය කොතරම් නිවැරදිව වර්ණ පෙන්නනන්වද කියන එක. ඒ කියන්නේ අපි රතු පාට පෙන්නන්න කිව්වොත් ඇත්තටම රතු පාට පෙන්නනන්වද කියන එක . මේක  සාමාන්යෙන මනින්නේ ΔE (Delta E)  කියන මිනුමෙන් .  ඉහල තත්වයේ මොනිටර් නිෂ්පාදකයා විසින්ම Delta E අගය 2 හෝ ඊට අඩු වෙන විදිහට සකසලා ( calibrate කරලා ) එවනවා . එහෙම නැත්නම් අපි මොනිටර් එක වෙනම calibrator එකක් හරහා calibrate කරලා color profile එකක් දාගන්න ඕනේ . ඕනෑම මොනිටර් එකකින් වඩාත් හොද output එකක් ගන්න මෙහෙම calibrate කරන එක වැදගත් 


අනෙකුත් තාක්ෂණික හා ප්‍රයෝගික තොරතුරු 


මිට අමතරව බලන්න ඕනේ දේවල් කිහිපයක් තියනවා . ඒවා පහත දැක්වෙනවා

  1. warranty එක

    මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැ පිළිගත්තා ආයතනයකින් අවුරුදු දෙකක් තුනක්වත් warranty  තිබෙනවානම් හොදයි. ඒවගේම මොනිටරයක් ගන්නකොට අනිවාර්යෙන් එක පරිගණකයකට සම්බන්ද කරලා තනි කළු තනි සුදු වගේම පින්තුර වීඩියෝ කිහිපයක් දාලා බලන්න හරියට වැඩ කරනවද කියලා
  2. Input types

    අද වෙනකොට නම් සම්මතය විදිහට HDMI සහ USB-C වර්ග වල input තමා ගොඩක් මොනිටර් වල හා පරිගණක වල තියෙන්නේ . ප්‍රදානම දේ තම තමන්ගේ පරිගණකයේ තිබෙන වර්ගයක input එකක් තියෙන මොනිටර් එකක් තෝරාගන්න . adaptor එක්ක වැඩ කරන එක එච්චර හොද නැ ප්‍රශ්න එනවා වැඩි

  3. Anti-glare Coating

    ගොඩක් මොනිටර් පරිසරයේ / වටපිටාවේ   තිබෙන ආලෝකය නිසා ඇතිවෙන දිලිසීම නැති කරන්න යම් ප්‍රමාණයක රළු මතුපිටක් එක්ක   හදලා තියනවා. නමුත් ඕනෙවට වඩා රළු මතුපිටක් තිබීම අපට පින්තුරේ detail පෙන්න බාදාවක් එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ එකක් ගන්න කලින් . ඒ වගේම තමා තමන් වැඩ කරන තැන වටපිටාවේ එලිය හා බාදක වැඩි නම් අනිවාර්යෙන්  පහත තියනවා වගේ monitor hood එකක් පාවිච්චි කරන එක හොදයි

  4. Bezels ( දාරය )

    මේක වැදගත් වෙන්නේ  විශේෂයෙන් මොනිටර් එකකට වඩා එක ලග තියනවනම් තමා එතකොට දාරය හිනි එකක් තියෙන එක හොදයි
  5. Wall mount හැකියාව හා stand එක

    ගොඩ දෙනෙක් වැඩිය හිතන්නේ නැති දෙයක් තමා මේක. හොදට adjust කරන්න පුළුවන් stand එකක් විශේෂයෙන්ම උස් පහත් කරන්න පුළුවන් එකක් තියෙන එක ගොඩක් වටිනවා




    ඒ වගේම wall  mount කරන්න පුළුවන් එකක් ගත්තොත් එක්කෝ බිත්තියේ හරි නැත්නම් ඩෙස්ක් එකේම වෙනම arm එකකට හරි හයිකරගන්න ලේසි වෙනවා








Comments