අවශ්‍යතාවය අනුව කැමරාවක් තෝරාගන්නේ කොහොමද ?



ගොඩක් අය නිතරම අහන්නේ අර කැමරාව කොහොමද මේ දේවල් කරන්න ඒ කැමරාව හොදයිද වගේ ප්‍රශ්න. මම හිතන විදිහට කැමරාවක් ගනිද්දී බලන්න ඕනේ දේවල් කැමරාව පාවිච්චි කරන්නේ මොකටද කියන එක අනුව වෙනස් වෙනවා

1. Trip එකක් ගියාම, පවුලේ කටයුත්තකදී වගේ දේවල් වලදී photo ගන්න විතරක් නම් 


 අද කාලේ හැටියට Mirrorless එකකට යන එක හොදයි. කැමරාව පාවිච්චි කරන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් නිසා ලොකු ගානක් යට කරන්නේ නැතුව එකක් ගන්න. Specifications ගැන උනත් ලොකුවට වදවෙන්න එපා මේ දේවල් කරන්න අද තියෙන ඕනෙම කැමරාවකට පුළුවන්
Canon EOS M50/ M6 , Sony A6100/A6400 , Fuji XT-30


2. දැන් තියෙන කැමරාවට වඩා හොද එකක් ගන්න ඉන්නවනම්,


පහත තියෙන දේවල් කියවලා බලලම තීරණය කරන්න. හැබැයි කැමරා Body එකක් ගන්නවට වඩා හොද ලෙන්ස් එකක් දෙකක් ගන්න එක වඩා හොද වෙයි.

3. Events /Wedding වගේ කරන්න ගන්නවනම්


අනිවාර්යෙන් බලන්න ඕනේ දේ තමා low light image quality එක. ඒ නිසා හැකියාවක් තියනවනම් full frame කැමරා එකක්ම ගන්න. Auto Focus , Continues Shooting speed එක වගේ දේවල් තියනවනම් හොදයි නමුත් ලොකුවට වැදගත් නැ. ඒවගේම තමා හොද ලෙන්ස් එකක් ( 24-105, 24-70 , 70-200 ) සහ හොද speed light එකක් ගන්න පුළුවන් විදිහට budget එක හදාගන්න. මොකද කොව්වර හොද body එකක් තිබ්බත් වැඩක් නැ ඔය ටික නැත්නම්
Budget - Canon 6D mk ii , Nikon D750 , Sony A7ii
High-end - Canon 5D Mk 4 , Nikon D850 , Sony A7RIV


4. Sports / Wildlife කරනවානම්


අනිවාර්යෙන් හොද Auto Focus system එකක් , Continues Shooting speed එකක් තියෙන එක වැදගත්. ඒවගේමයි ගැලපෙන ලෙන්ස් එකක් තියන එක. low light image quality එක වැදගත් වෙන අවස්ථා ආවත් මුලින් කියපු දෙක ගැන වැඩි අවදානයක් දෙන්න ඕනේ

Budget - Canon 7D mk ii / 90D, Nikon D7500/D500 , Sony A6600
High-end - Canon 5D Mk 4 , Nikon D850 , Sony A7RIV
Pro End - Canon 1Dxmk iii / Canon 1Dxmk ii , Nikon D4s/D5/D6 , Sony A9 / A9ii

මොන දේ උනත් එක කැමරාවක් අතේ තියනවා නම් වෙන එකක් ගන්න කොට මුලින්ම කැමරාව වෙනුවට හොද full frame ලෙන්ස් කිහිපයක් ගන්න එක හොදයි. කැමරාව මාරු උනත් ලෙන්ස් ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිතරම කැමරා Brand එක මාරු කරන එකත් පාඩුයි.

Comments